
Coffee berry borer: what is it and how to control it?
The coffee berry borer is a serious pest that damages coffee beans and reduces coffee yield and quality. How can it be managed safely and sustainably?
CABI BioProtection ද්වාරය යනු ලොව පුරා ලියාපදිංචි ජෛව පාලන සහ ජෛව පළිබෝධනාශක නිෂ්පාදන පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පරිශීලකයින්ට හැකි විවෘත ප්‍රවේශ, වෙබ් පාදක මෙවලමකි.
The coffee berry borer is a serious pest that damages coffee beans and reduces coffee yield and quality. How can it be managed safely and sustainably?
CABI BioProtection Portal has now been launched in Tanzania to give growers and advisors the information they need to help fight crop pests and diseases more sustainably.
Outbreaks of the desert locust, one of the world's most serious pests, are expected to increase with climate change. An environmentally friendly biopesticide can be used to prevent and control the destructive pest effectively.
One of the challenges to the widespread use of biopesticides remains the dearth of information regarding products that are already available in the market. This free web-based resource which is accessible via smart phones, tablets and desktops will go a long way towards addressing this challenge, hence promote the registration, commercialisation and use of biopesticides by growers.
CABI ජෛවආරක්‍ෂණ ද්වාරය (CABI BioProtection Portal) ජීව විද්‍යාත්මක පාලන භාවිතයන් අනුගමනය කිරීමේදී මතුවන ප‍්‍රධාන ගැටළු තුනකට මුහුණ දෙන විශිෂ්ට උත්සාහයකි. පළමුව, නිර්දේශයන් නිශ්චිත බෝග මත පදනම් වේ. දෙවනුව, විකල්ප ලැයිස්තුව නිශ්චිත බෝගයක නිශ්චිත පළිබෝධයන් සඳහා අදාළ රටෙහි ලියාපදිංචි කර ඇති නිෂ්පාදන නියෝජනය කරන අතර ඒවා පර්යේෂණ, විශ්ලේෂණ සහ තත්ත්ව පාලනය මගින් සනාත කර ඇත. අවසාන වශයෙන්, ගබඩා කිරීම සහ ක්ෂේත‍්‍රයට යෙදීම සම්බන්ධ නිර්දේශ ද එහි අඩංගු වේ, එය බොහෝ විට රසායනික ද්‍රව්‍ය ඉසීම ගැන පලපුරුදක් ඇති නමුත් හිතකර ජීවීන් භාවිතය හෝ යෙදීම ගැන පලපුරුදක් නැති ගොවීන්ට සහ පුද්ගලයින්ට උපකාරී වේ. ජීව විද්‍යාත්මක පාලනය පිළිබඳ පර්යේෂකයෙකු ලෙස සහ IOBC-NTRS හි සාමාජිකයෙකු ලෙස මම මෙම මූලාරම්භය අගය කරන අතර ගෝලීයව පළිබෝධ කළමනාකරණය සඳහා පළමු විකල්පය ලෙස ජීව විද්‍යාත්මක පාලනය සහ තිරසාර භාවිතයන් ස්ථානගත කිරීමට එය උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ජීව විද්‍යාත්මක පාලනය යනු මනුෂ්‍ය වර්ගයා පෝෂණය කිරීම සඳහා විශාල විභවයක් ඇති ආකර්ෂණීය තාක්‍ෂණයකි. ඇත්ත වශයෙන්ම, රසායනික ද්‍රව්‍යවලට වඩා ජෛව පාලන යාන්ත‍්‍රණයන් කෘෂිකාර්මික පරිසරයට විශාල ධනාත්මක බලපෑමක් ඇති කරයි. කෙසේ වෙතත්, බොහෝ විට මෙම යාන්ත‍්‍රණයන් සඳහා ජීව විද්‍යාව සහ අන්තර් විශේෂිත අන්තර්ක‍්‍රියා පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය වන අතර මෙම තොරතුරු හිඟ ය. මෙම ද්වාරය ජෛව පාලනය පිළිබඳ තොරතුරු ව්‍යාප්ත කිරීමට උපකාරී වන අතර වර්තමාන කෘෂිකාර්මික පිළිවෙත් වඩාත් තිරසාර, ආරක්ෂිත සහ හරිත ආහාර නිෂ්පාදනයක් බවට පරිවර්තනය කිරීමේ අපගේ උත්සාහයට සහාය වන බැවින් මෙම ද්වාරයෙහි විශාල වටිනාකමක් ඇත.
මෑතකදී, නව ජීව විද්‍යාත්මක නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළඳපොළට පැමිණ ඇත. එබැවින්, එම නිෂ්පාදන නිසි ආකාරයෙන් භාවිතා කරන්නේ කෙසේදැයි වගාකරුවන් දැනුවත් කිරීම මෙන්ම ජෛව විද්‍යාත්මක පළිබෝධ සහ රෝග පාලනයේ ප‍්‍රතිලාභ පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම තීරණාත්මක වැදගත්කමක් දරයි. මෙය එම ජීව විද්‍යාත්මක නිෂ්පාදන භාවිතය වැලද ගැනීම වේගවත් කිරීමට මෙන්ම එම ජීව විද්‍යාත්මක නිෂ්පාදන භාවිත කර වඩාත් තිරසාර ලෙස නිෂ්පාදනය කරන ආහාර සඳහා වෙළෙඳපොළ ඉල්ලූම ඉහළ නැංවීමට ද උපකාරී වනු ඇත. එබැවින්, ”CABI ජෛවආරක්‍ෂණ ද්වාරය “CABI BioProtection Portal” වැනි මූලාරම්භයන්, වගාකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමට දරන උත්සාහය ඉතා වැදගත් වේ. වගාකරුවන් ජීව විද්‍යාත්මක නිෂ්පාදන පිළිබඳව වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා තරමට, ඔවුන් එම නිෂ්පාදන තම භෝගවල සාර්ථකත්වය උදෙසා වේගයෙන් භාවිතා කරනු ඇත.
මම CABI ජෛවආරක්‍ෂණ ද්වාරය (CABI BioProtection Portal) හඳුන්වා දුන් දිනයේ සිට භාවිතා කරමි. ගොවීන් පුහුණු කිරීම සඳහා මට අවශ්‍ය සියලූම තොරතුරු ද්වාරය සතුව ඇත. එබැවින් සාෆි කාබනික (Safi Organics) මගින් සැපයෙන නිෂ්පාදන සහ Real IPM මගින් සැපයෙන ජෛව පළිබෝධනාශක භාවිතා කරමින් කාබනික ගොවිතැනට තවත් ගොවීන් බඳවා ගැනීමට මට හැකිවිය. අතීතයේදී මම සහ මගේ ගොවීන් ලියාපදිංචි ජෛව පළිබෝධනාශක මූලාශ‍්‍ර දැන ගැනීමට වෙහෙස වුවද දැන් එම තොරතුරු ද්වාරයෙන් ලබාගත හැකිය. ද්වාරයෙන් සැපයෙන්නේ ලියාපදිංචි ජෛව පළිබෝධනාශක පමණක් වන අතර ඒවායේ විවිධ භෝග සඳහා නිර්දේශිත මාත‍්‍රාව සහ ගබඩා කිරීම ඇතුළුව වෙනත් අමතර තොරතුරු ද ඇතුලත්ය. ද්වාරය තුලින් ජෛව පළිබෝධනාශක අලෙවි කරන විශ්වාසදායක සමාගම් ජාලයක් මම ගොඩනගා ඇත්තෙමි. එමගින් මගේ ගොවීන්ට ඔවුන්ගේ ගොවිපලවල භාවිතා කිරීමට පුළුල් පරාසයක ජෛව පළිබෝධනාශක තෝරා ගැනීමට මට උපකාර කල හැකිය.
කෘෂි විද්‍යාඥයෙකු ලෙස මගේ කාර්යයට ද්වාරය විශාල වශයෙන් සහාය වී ඇත. මීට ඉහත දී, සමහර අවස්ථාවල අවශ්‍ය තොරතුරු නැති නිසා මට උපදෙස් සැපයීම කල්දැමීමට සිදුවිය; නමුත්, ගොවිපළේ තිබෙන පළිබෝධ ගැටලූවක් පිළිබඳව හරියටම, සවිස්තරාත්මකව සහ කඩිනම්ව ප‍්‍රතිචාරයක් ගොවියාට ලබාදීමට දැන් මට හැකියාව ඇත. මෙයට පෙර අපි අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා ගූගල් භාවිත කර ඉතා සාරාංශගත තොරතුරු ලබා ගත් නමුත් දැන් මට ගොවීන් සමඟ බෙදා ගැනීමට අවශ්‍ය පුළුල් සහ යාවත්කාලීන තොරතුරු ද්වාරය මඟින් ලබාගැනීමට පුළුවන. ජෛව පළිබෝධනාශක සපයන්නන් සමඟ ජාලගත වීමට සහ නිතිපතා තොරතුරු හුවමාරු කර ගැනීමට මට හැකි වූ බැවින් ද්වාරය මගේ කාර්යයට විශාල පිටිවහලක් ලබා දී ඇත. ද්වාරය මගින් සපයන තෙරතුරු මත පදනම්ව මගේ ගොවීන්ට පුළුල් පරාසයක විසඳුම් වලට යාමට හැකියාව ඇත. ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍යවල ප‍්‍රචාරණය කරන ලද ජෛව පළිබෝධනාශක දකින විට ඒවා ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කිරීමට ද්වාරය වෙත යොමු වීමට මට හැකියාව ඇත.
CABI ජෛවආරක්‍ෂණ ද්වාරය (CABI BioProtection Portal) හි ඇති අලංකාරය නම්, එය මගින් ලොව පුරා ඇති ලියාපදිංචි ජෛව පාලන සහ ජෛව පළිබෝධනාශක නිෂ්පාදන පිළිබඳව තොරතුරු සොයා ගැනීමට පරිශීලකයින්ට හැකි වන අතර නිවැරදි තීරණ ගැනීමට උපකාර වන නොමිලේ ලබාගත හැකි වෙබ් පාදක මෙවලමකි; එමෙන්ම එය විශ්වාසදායක සහ වර්තමාන තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට ගනුදෙනුකරුවන්ට / පාර්ශවකරුවන්ට සහාය වෙයි.
වගාකරුවන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කර පිහිටුවන ලද අපගේ වෙළඳපල අභිලාෂයන් අත්කර ගැනීමට සහ අපගේ නිෂ්පාදන වගකීමෙන් සහ තිරසාරව භාවිත කිරීම සහතික කිරීමට, අපගේ විකාශනය වන ජීව විද්‍යාත්මක කළඹ පිළිබඳව විශ්වාසදායක තොරතුරු සැපයීමට සමාගමක් ලෙස අපට උපකාර කරයි.
අපි CABI BioProtection ද්වාරයට සහය දක්වන්නේ එය පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතයට සහය වන අතර පස සහ ශාක සෞඛ්‍යය මෙන්ම තිරසාර සහ පුනර්ජනනීය භාවිතයන් ප්‍රවර්ධනය කරයි. එය දේශීය සම්පත් හා විශේෂඥයන් සමඟ වගාකරුවන් සම්බන්ධ කරයි, සහ නිෂ්පාදන කෘෂිකර්මයේ පළිබෝධ ගැටළු සඳහා ජීව විද්‍යාත්මක විසඳුම් සඳහා උනන්දුවක් දක්වන අය දැනුවත් කිරීම සඳහා සත්‍ය තොරතුරු සපයයි.
The CABI Academy is an online learning platform for users around the globe. Our courses turn the latest research and innovations into practical, action-based resources and learning activities.We partner with world-leading universities, research organisations, and businesses to ensure the learnings from our courses are the most up-to-date and applicable to real life.
ඔබේ කෝපි බෝග සඳහා ස්වභාවික පළිබෝධ පාලනය භාවිතා කිරීම- ප්‍රතිලාභ මොනවාද සහ ඔබ එය කරන්නේ කෙසේද? ආරක්ෂිතව පළිබෝධයන් පාලනය කිරීම ආරම්භ කිරීම සඳහා අපගේ මාර්ගෝපදේශය ඔබව පියවරෙන් පියවර ආරම්භයේ සිට අවසානය දක්වා රැගෙන යමින් ඔබට උපකාර කරයි.
ජීව විද්‍යාත්මක පළිබෝධ කළමනාකරණ ප‍්‍රවේශයන් භාවිත කරන ආකාරය, ඒවා ගබඩා කිරීම, හැසිරවීම, සහ භාවිත කරන කාලය, එම නිෂ්පාදනවල කාර්යක්ෂමතාවය රඳවා ගැනීම සඳහා තීරණාත්මක විය හැකිය. ඔබේ නිෂ්පාදන පද්ධතිය තුළ මෙම නිෂ්පාදන වල බලපෑම උපරිම කිරීමට ඔබට සහාය වන විවිධ තොරතුරු සහ සම්පත් ඔබට මෙහිදී සොයාගත හැකිය.
පළිබෝධ පාලනය කිරීම සඳහා ඵලදායී ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සඳහා ඔබේ ගැටළුකාරී පළිබෝධයාගේ අනන්‍යතාවය දැන ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී අපි පළිබෝධ හඳුනා ගැනීමට උපකාර වන මාර්ගෝපදේශ සහ මෙවලම් සපයනු ලබයි. එමෙන්ම ඔබේ පළිබෝධ විනිශ්චය කිරීමේ කුසලතා වර්ධනය කර ගැනීමට ද විභවයක් පවතී.
ජෛව පාලන කාරකයන්ගේ පරාසය සහ ඔවුන් ඉලක්ක කරන පළිබෝධයන් සමඟ සිදුකරන අන්තර් ක‍්‍රියා පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තිබීම ඔබේ නිෂ්පාදන පද්ධතිය සඳහා සුදුසු ජෛවපාලකයෙක් තෝරා ගැනීමට උපකාරී වන අතර, ඒවා වඩාත් ඵලදායී ලෙස භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගැනීමට ද උපකාරී වෙයි. මෙම නව ප‍්‍රවේශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු සැපයීම සඳහා අමතර තොරතුරු සහ සම්පත් අපි සපයන්නෙමු.
කෘෂිකාර්මික හා පාරිසරික පළිබෝධයන් කළමනාකරණය කිරීම සඳහා වඩාත් තිරසාර ප‍්‍රවේශය වන්නේ ජීව විද්‍යාත්මක පාලනය (හෝ ජෛව පාලනය) භාවිත කිරීමයි. මෙහිදී අපි ජෛව පාලනයෙහි අර්ථ දැක්වීම සහ පළිබෝධ ගැටළු කළමනාකරණය සඳහා භාවිත වන විවිධ වර්ගයේ ජෛව පාලන ක‍්‍රම කෙටියෙන් විස්තර කරමු.
ඔබ විමසිලිමත්වන රට සඳහා ජෛව පාලන සහ ජෛව පළිබෝධනාශක නිෂ්පාදන අනාවරණය කරගන්න