CABI ජෛවආරක්‍ෂණ ද්වාරය (CABI BioProtection Portal) අන්තර්ජාලයට නොබැඳිව ජංගම උපාංග තුලින් භාවිත කළ හැකි ලෙස පවතී (නොබැඳි අනුවාදය). අපගේ පියවරෙන් පියවර මාර්ගෝපදේශය අනුගමනය කර නොබැඳි අනුවාදය බාගත කරගැනීමෙන් ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට තම රටෙහි නිෂ්පාදන සොයාබැලීම කළ හැකිය. 

නොබැඳිව නිතර අසන පැන

නොබැඳිව නිතර අසන පැන

  • නොබැඳි අනුවාදය භාවිතා කිරීම සඳහා මට අවශ්‍ය වන්නේ මොනවාද?

    පළමු අවස්ථාවේදී නොබැඳි අනුවාදය බාගත කිරීම සඳහා ඔබට අන්තර්ජාල ප‍්‍රවේශය සහිත ජංගම උපාංගයක් අවශ්‍යය. ආරම්භක බාගත කිරීම සඳහා උපරිම වශයෙන් මිනිත්තු කිහිපයක් පමණක් ගතවනු ඇත. ඔබගේ උපාංගයට දත්ත බාගත කළ පසුව ඔබට අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැතිව සියලූ‍ම නිෂ්පාදන සෙවිය හැකි ය. 

    ඔබට එක් වරකට බාගතකර ගැනීමට හැක්කේ එක රටක සහ එක භාෂා සංයෝජනයක් සඳහා වන නිෂ්පාදන දත්ත පමණක් බව කරුණාකර දැනුවත් වන්න. ඔබගේ කැමැත්ත පරිදි වෙනත් රටක හෝ වෙනත් භාෂාවකින් නිෂ්පාදන තොරතුරු බාගත කිරීම කරන විට, ඔබගේ උපාංගයෙහි පළමුව බාගත කල අනුවාදය අස්ථාපනය කිරීමට අවශ්‍ය වනු ඇත.   

  • CABI ජෛවආරක්‍ෂණ ද්වාරය (CABI BioProtection Portal) හි නොබැඳි අනුවාදය බාගත කිරීම සිදු කරන්නේ කෙසේද?

    නොබැඳි අනුවාදය බාගත කිරීම සඳහා, ඔබට අපගේ වීඩියෝ මාර්ගෝපදේශය මෙහිදී අනුගමනය කළ හැකි ය. 

    පියවරයන් පහත පරිදි වේ:  

    • ජංගම උපාංගයක CABI ජෛවආරක්‍ෂණ ද්වාරය (CABI BioProtection Portal) විවෘත කරන්න. 
    • ඔබේ රට තෝරා ගෙන ඔබට අවශ්‍ය බෝගය හෝ පළිබෝධය සඳහා සෙවීමක් කරන්න. එවිට ඔබ නොබැඳිව යාමට කැමති දැයි විමසීමට ඔබට විමසුමක් ලැබෙනු ඇත. 
    • ඔබට විමසුමක් නොපෙනේ නම් හෝ ඔබට සෙවීමක් කිරීමට අවශ්‍ය නම් ‘නිෂ්පාදන සොයන්න‘ බොත්තම යටතේ ඇති දැති රෝද නිරූපකය ක්ලික් කරන්න.  
    • ඇපල් උපාංග භාවිතා කරන්නන් සඳහා උපදෙස් සහිත උත්පතන කොටුවක් දිස්වනු ඇත. ඇන්ඩ්‍රොයිඞ් භාවිතා කරන්නන් සඳහා ද උත්පතන කොටුවක් දිස්වනු ඇති අතර ඔබට ස්ථාපනය කිරීම තෝරා ගැනීම අවශ්‍ය වනු ඇත.  
    • වෙබ් අඩවියේ දක්වා ඇති උපදෙස් අනුගමනය කරන්න. 
    • දැන්, CABI ජෛවආරක්‍ෂණ ද්වාරය (CABI BioProtection Portal) හි නිරූපකය ඔබගේ ප‍්‍රධාන තිරයේ දිස්වනු ඇත.  
    • CABI ජෛව ආරක්ෂණ ද්වාරය (CABI Bioprotection Portal) විවෘත කිරීම සඳහා එහි නිරූපකය මත ක්ලික් කරන්න. CABI ජෛවආරක්ෂණ ද්වාරය විවෘතව ඇතිවිට, විමසුමක් දිස්වනු ඇත.  
    • ‘බාගතකිරීම‘ බොත්තම තෝරන්න. බාගතකිරීම තීරුව 100% ට ළඟා වූ විට, ‘වසන්න‘ තෝරන්න.  
    • දැන් ඔබ තෝරාගත් භාෂාව සහ රටට අදාලවන ලියාපදිංචි නිෂ්පාදන නොබැඳිව සෙවිය හැකි ය. 
  • මට මෙම යෙදුම, ඇප් ස්ටෝ හෝ ගූගල් ප්ලේ ස්ටෝ වලින් සොයාගත හැකිද?

    CABI ජෛවආරක්‍ෂණ (CABI BioProtection Portal) ද්වාරයෙහි නොබැඳි අනුවාදය ගූගල් ප්ලේ හෝ ඇපල් ප්ලේ ස්ටෝ වල නොමැත. එයට ප‍්‍රවේශය ලබා ගැනීම සඳහා ඔබට රටක් තෝරා ගැනීමට අවශ්‍ය වනු ඇත, එමෙන්ම පළිබෝධය සහ බෝගය ඇතුළත් කර සෙවීමක් සිදු කල යුතුය. එවිට ඔබට නොබැඳි අනුවාදය බාගත කිරීමට අවශ්‍ය දැයි අසන උත්පතනයක් ඔබට පෙනෙනු ඇත. එවිට විමසුම්වල ට අදාල පිළිතුරු ලබාදෙමින් හෝ ඉහත දක්වා ඇති පියවර අනුගමනය කිරීමෙන් හෝ වීඩියෝවේ ඇති උපදෙස් අනුගමනය කරමින් ද්වාරය සඳහා ප‍්‍රවේශය ලබාගත හැකිය. 

  • CABI ජෛවආරක්‍ෂණ (CABI BioProtection Portal) ද්වාරයෙහි නොබැඳි අනුවාදයේ ඇති තොරතුරු මොනවාද?

    නොබැඳි අනුවාදයට තෝරාගත් රටෙහි ලියාපදිංචි වූ ජෛව ආරක්ෂණ නිෂ්පාදන පිළිබඳ ප‍්‍රධාන තොරතුරු ඇතුළත් වේ. නිෂ්පාදන තොරතුරු බාගත කළ හැක්කේ එක් රටකට අදාලව එක් භාෂාවකින් පමණක් බව කරුණාකර දැනුවත් වන්න. 

    නැරඹිය හැකි නිෂ්පාදන තොරතුරුවලට නිෂ්පාදන වර්ගය, ක‍්‍රියාකාරී ද්‍රව්‍යය, ලියාපදිංචි කරන්නා, නිෂ්පාදකයා සහ වෙනත් අවසර ලත් භාවිතයන් ඇතුළත් වේ.  

    මෙයට අමතරව, අපගේ සහකරුවන් අනුග‍්‍රහය දක්වන නිෂ්පාදන සඳහා වඩාත් සවිස්තරාත්මක තොරතුරු එනම් නිෂ්පාදන බෙදාහරින්නා, පුද්ගල ආරක්‍ෂණ උපකරණ, ගබඩා අවශ්‍යතාවන් සහ යෙදුම් උපදෙස් අඩංගුය. 

    වෙනත් අමතර තොරතුරු වෙබ් අඩවියේ ඇත. 

  • නිෂ්පාදන සහ ජෛව පාලන සම්පත් පිළිබඳ අමතර තොරතුරු මට සොයාගත හැක්කේ කොතැනින්ද?

    නිෂ්පාදන පිළිබඳ අමතර තොරතුරු එනම් නිෂ්පාදන ලේබල සහ ආරක්ෂණ දත්ත පත‍්‍රිකා, සොයා ගැනීමට CABI ජෛවආරක්‍ෂණ (CABI BioProtection Portal) ද්වාරයෙහි වෙබ් අඩවිය වෙත පිවිසීමට අවශ්‍ය වනු ඇත. මෙම තොරතුරු බාහිර සබැඳි මගින් සපයනු ලබන බැවින්, එය නොබැඳි අනුවාදයට ඇතුළත් නොවේ. 

     අමතර තොරතුරු එනම් පුවත් සහ තොරතුරු, ජෛව ආරක්ෂණ සම්පත්, නිතර අසන පැන, මාර්ග සිතියම සහ විස්තර වැනි තොරතුරු සොයා ගත හැක්කේ CABI ජෛවආරක්‍ෂණ (CABI BioProtection Portal) වෙබ් අඩවියෙන් පමණි.  

  • නොබැඳි අනුවාදය පිළිබඳව මම ප‍්‍රතිපෝෂණ ලබා දෙන්නේ කෙසේද?

    නොබැඳි අනුවාදය පිළිබඳ ප්‍රතිපෝෂණ ලබා දීමට, ඔබට නොබැඳි අනුවාදයේ ඉහළ දකුණු කෙළවරේ ඇති "!" නිරූපකය තෝරාගත හැකිය. මෙමගින් ඔබව ආකෘති පත්‍රයක් වෙත යොමු කරන අතර එය විද්‍යුත් තැපෑලෙන් කණ්ඩායමට ලබාදෙයි. විකල්පයක් ලෙස, විද්‍යුත් තැපෑල ද භාවිත කළ හැකි ය. bioprotectionportal@cabi.org . 

    අපි ඔබේ ප‍්‍රතිපෝෂණ සැබවින්ම අගය කරමු. ද්වාරය සංවර්ධනය කිරීමට මෙය අපට උපකාර වනු අතර, අනාගතයේදී අපගේ පිරිනැමීම් වැඩිදියුණු කිරීමට ද උපකාරී වනු ඇත. අපට ලැබෙන සියලූ‍ම ප‍්‍රතිපෝෂණ අපි සමාලෝචනය කරන්නෙමු. 

  • බාගත කරගත්, යම් රටකට අදාල කට්ටලයට යාවත්කාලීන කිරීමක් අවශ්‍ය වූ විට කුමක් සිදුවේද?

    යාවත්කාලීන තිබේදැයි පරීක්ෂා කිරීමට, ඔබට නොබැඳි අනුවාදයේ ඉහළ දකුණු කෙළවරේ ඇති දැති රෝදය ක්ලික් කිරීමට අවශ්‍ය වනු ඇත. 

    මෙම නව නිෂ්පාදන ඔබගේ නොබැඳි අනුවාදයට එක් කිරීමට, ඔබට අන්තර්ජාල සම්බන්ධතාවකට ප‍්‍රවේශය තිබිය යුතුය. ඔබට අන්තර්ජාල ප‍්‍රවේශය ඇති විට, ඔබට නොබැඳි අනුවාදයේ ඉහළින් ඇති මෙම පෙළඹවීම ක්ලික් කර නව නිෂ්පාදන පිළිබඳ තොරතුරු බාගත කිරීමට සපයන උපදෙස් අනුගමනය කිරීමට අවශ්‍ය වනු ඇත.  

    එවිට මෙම අලූ‍තින් එකතු කරන ලද නිෂ්පාදන සහ ඒවායේ තොරතුරු ඕනෑම වේලාවක නොබැඳි අනුවාදයෙන් ලබා ගත හැකි ය.