වගාකරුවන් සහ උපදේශකයින් සඳහා ජෛවපාලන සහ ජෛව පළිබෝධනාශක නිෂ්පාදන පිළිබඳ තොරතුරු නොමිලේ ලබා දෙන ප්‍රභවයකි. CABI ජෛවආරක්ෂණ ද්වාරය (CABI BioProtection Portal) පරිශීලකයින්ට ඔවුන්ගේ විශේෂිත බෝග-පළිබෝධ ගැටළු සඳහා ජීව විද්‍යාත්මක පාලන සහ ජෛව පළිබෝධනාශක නිෂ්පාදන හඳුනා ගැනීමට, එම නිෂ්පාදනවල මූලාශ්‍ර හඳුනා ගැනීමට, සහ ඒවා නිවැරදිව භාවිතයට ගැනීමට උපකාර කරයි. සපන් (ස්මාර්ට්) ජංගම දුරකථන, ඵලක (ටැබ්ලට්) සහ මේස (ඩෙස්ක්ටොප්) පරිගණකයන් භාවිත කර මෙම මෙවලම නැරඹීමට සහ මෙහෙය වීමට හැකිය.
දේශීයව ලියාපදිංචි කල, වෙළඳපල අවශ්‍යතාව සපුරාලන, ඵලදායි, සහ සුලභව ලබාගත හැකි, අඩු විෂ සහිත නිෂ්පාදන සහ එම නිෂ්පාදනවල නිවැරදි භාවිතය පිළිබඳව වර්තමාන සහ විශ්වාසදායක තොරතුරු ඉල්ලූම් කරන වගාකරුවන් සහ උපදේශකයින් සඳහාය. වෙළඳපල/අපනයන ප්රමිතීන් සපුරාලීම සඳහා හෝ දැනට භාවිතා කරන ජීව විද්‍යාත්මක නිෂ්පාදන පරාසය වැඩි කිරීම සඳහා හෝ වඩාත් විෂ සහිත රසායනික පළිබෝධනාශක වෙනුවට ජීව විද්‍යාත්මක නිෂ්පාදන භාවිත කිරීමට අපේක්ෂා කරන වගාකරුවන් හට මෙම මෙවලම විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. තම නිෂ්පාදන පුළුල් ලෙස අලෙවි ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන ජෛව පාලන නිෂ්පාදකයින් මෙන්ම රජයේ නියාමකයින් (පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරුන්) සහ පුද්ගලික අංශයේ තීරණ ගන්නන් එනම් බාහිර වගා යෝජනා ක්‍රම, සමුපකාර වගාකරුවන්, ස්වේච්චා සහතික කිරීමේ ක්‍රම ක්‍රියාත්මක කරන සංවිධාන හට මෙම මෙවලම සිත් ඇදගන්නා සුළුයග.
නැත, පරිශීලකයින් හට ද්වාරය නොමිලයේ භාවිත කළ හැකිය.
සෙවුමක් ආරම්භ කිරීම සඳහා පරිශීලකයන් තම රට, බෝගය සහ පළිබෝධය තෝරා විමසුමට ඇතුලත් කළ යුතුය. මෙම සෙවුම මගින්, විමසුමට ඇතුලත් කළ විශේෂිත භෝග-පළිබෝධ සබැඳියාවට අදාළව නිශ්චිත රටෙහි භාවිතය සඳහා ලියාපදිංචි කර ඇති ඇති ජීව විද්‍යාත්මක පාලන සහ ජෛව පළිබෝධනාශක නිෂ්පාදන (ඒවායේ ක්‍රියාකාරී ද්‍රව්‍යය සහ නිෂ්පාදකයා/ලියාපදිංචිකරු) පිළිබදව ලැයිස්තුවක් ජනනය කරයි. මෙහි ඇතුලත් ලියාපදිංචි පළිබෝධනාශක පිළිබඳ තොරතුරු අදාළ රටෙන් සෘජුවම ලබා ගෙන ඇත.
අපගේ හවුල්කරුවන්ගේ නිෂ්පාදන සඳහා වඩාත් සවිස්තරාත්මක තොරතුරු වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. උදාහරණයක් ලෙස, නිෂ්පාදනය ක්‍රියාකරන ආකාරය, නිශ්චිත ගබඩා/යෙදුම් උපදෙස්, බෙදාහරින්නන්ගේ සම්බන්ධතා තොරතුරු ආදිය. නිෂ්පාදන ලේබල, සමාගම් වෙබ් අඩවි, නිෂ්පාදන තොරතුරු පත්‍රිකා, ආරක්ෂිත දත්ත පත්‍රිකා ලබාගැනීමට බාහිර වෙබ් සබැඳීන් ද වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. කුමන නිෂ්පාදනයක් මිලදී ගත යුතුද සහ එය නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සැපයීමෙන් පරිශීලකයින්ට අවබෝධයෙන් තීරණ ගැනීමට හැකියාව ලබා දෙයි.
ද්වාරයෙහි අන්තර්ගතය නිතිපතා යාවත්කාලීන වන අතර එය එක් එක් රටවල් තම තමන්ගේ ලැයිස්තු යාවත්කාලීන කරන වාර ගණනට අනුකූල වේ.
CABI ජෛවආරක්ෂණ ද්වාරය (CABI BioProtection Portal) 2020 පෙබරවාරි මාසයේදී කෙන්යාවේදී නිල වශයෙන් දියත් කරන ලද අතර එතැන් සිට අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ඇමරිකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. අපගේ හවුල්කරුවන්, අනුග්‍රාහකයින් සහ පරිත්‍යාගශීලීන් සමඟ සහයෝගයෙන් රටවල් තෝරා ගනු ලැබේ.
මෙහි අවසානයේ දැක්වෙණ සබැඳිය භාවිතා කිරීමෙන් දැනට ද්වාරයට ඇතුළත් කර ඇති සහ ඇතුලත්වීමට බලාපොරොත්තුවෙන් සිටින රටවල් මොනවාද යන්න පිළිබඳ වැඩිදුර සොයා බැලීමට හැකිය. https://bioprotectionportal.com/roadmap.
ඔව්, පරිශීලකයින්හට තෝරාගත් රටේ දේශීය භාෂාවලින් මෙන්ම ඉංග්‍රීසියෙන් ද වෙබ් අඩවිය තුල ඇති බොහෝ පිටු අතර සැරිසැරීමට හැකි අතර නොබැඳි යෙදුම (offline app) වටාද එලෙසින්ම සැරිසැරීමට හැකිය. සෙවුම් මෙවලම සෑම රටකම දේශීය භාෂාවෙන් සහ ඉංග්‍රීසියෙන් ඇත.
ජීව විද්‍යාත්මක පාලනය සහ ජෛව පළිබෝධනාශක නිෂ්පාදන පිළිබඳ තොරතුරු නොමිලේ ලබාගැනීම සඳහා භාවිත කළ හැකි යාවත්කාලීන සහ විශ්වාසදායක ගෝලීය මූලාශ්‍රයක් ලෙස එය සංවර්ධනය කර පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ද්වාරයට අරමුදල් ලැබිය යුතුය. අයවැය අවශ්‍යතා සපුරාලීම සඳහා අරමුදල් යෝජනා ක්‍රම තුනක් තිබේ:
1. හවුල්කාර සාමාජිකත්වය - හවුල්කරුවන් (උදා: පුද්ගලික අංශයේ ජෛව පාලන නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, ආදිය) ද්වාරය සංවර්ධනය කිරීමට වසර තුනක කැපවූ දායාකත්වයක් ලබාදෙන අතර පහත වගුවේ දක්වා ඇති පරිදි ඔවුන්ගේ වාර්ෂික ජෛව පාලන ආදායම මත සකසා ඇති ස්ථාවර වාර්ෂික හවුල්කාරිත්ව ගාස්තු ගෙවීම.
වාර්ෂික ජෛව පාලන නිෂ්පාදන අලෙවිය | හවුල්කාර සාමාජික ගාස්තු |
යුරෝ <0.5 මිලියන | යුරෝ 720 |
යුරෝ 0.5-1 මිලියන | යුුරෝ 960 |
යුරෝ 1-2 මිලියන | යුරෝ 1,440 |
යුරෝ 2-5 මිලියන | යුරෝ 3,840 |
යුරෝ 5-10 මිලියන | යුරෝ 5,760 |
යුරෝ 10-50 මිලිියන | යුරෝ 7,680 |
යුරෝ 50-100 මිලිියන | යුරෝ 14,400 |
යුරෝ >100 මිලියන | යුරෝ 19,200 |
හවුල්කාර ෂාමාජිකත්ව ගාෂ්තුව නැවත තක්සේරු කෙරේ
2. අනුග්‍රාහකත්වය - අනුග්‍රාහකයින් (උදා: පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්) ද්වාරය සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා ස්ථීර වාර්ෂික අනුග්‍රාහකත්වයක් හරහා දායක වේ (ලෝකඩ: යුරෝ 1,000; රිදී: යුරෝ 2,500; රන්: යුරෝ 5,000 සහ ප්ලැටිනම්: යුරෝ, 10,000).
3. පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් යෝජනා ක්‍රමය - පරිත්‍යාගශීලීන්ගේ ප්‍රමුඛතා, අවධානය යොමු කරන රටවල් සහ අරමුදල් යෝජනා ක්‍රම අනුව ද්වාරය සංවර්ධනය කිරීමට සහ නඩත්තු කිරීමට CABI විසින් රාජ්‍ය ආයතනවලින් දායකත්වය ලබා ගනී.
ව්‍යාපෘති ප්‍රතිඵල සහ සන්ධිස්ථාන සමාලෝචනය කිරීමට මෙන්ම දත්ත පද්ධතියේ අනාගත සංවර්ධනය සඳහා අදාළ උපායමාර්ගික සහ තාක්ෂණික ගැටළු පිළිබඳ උපදෙස් සැපයීම අරමුණුකොට සංවර්ධන සම්මේලනයට ක්‍රියාකාරීව සහභාගී වීමට හවුල්කරුවන්ට, අනුග්‍රාහකයින්ට සහ පරිත්‍යාගශීලීන්ට ආරාධනා කෙරේ. සංවර්ධන සම්මේලනයේ සාමාජිකත්වය දරන්නන්ට පහත වරප්‍රසාද ලබාගත හැකිය.
- සංවර්ධන සම්මේලනයේ ද්වි-වාර්ෂික රැස්වීම්වලදී එක් ආසනයක් හරහා හෝ CABI සමඟ ලිපි හුවමාරුව හරහා හෝ දත්ත පද්ධතියේ සංවර්ධනයට බලපෑම් කිරීම. දත්ත පද්ධතියේ නම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සහ දත්ත පද්ධතිය මගින් ආවරණය වන රටවල් වල අනුපිළිවෙල ට ප්‍රමුඛත්වය දීම මෙම බලපෑමට ඇතුළත් ය.
- හවුල්කරුවන්ගේ, අනුග්රාහකයන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ සාමාජිකත්වය පැහැදිලිවම පිළිගැනීම. ඒ සඳහා ඔවුන්ගේ සමාගම් ලාංඡනයන්, ඔවුන්ගේ වෙබ් අඩවි සබැඳීන් සහ දත්ත පද්ධතිය ආශ්රිත අලෙවිකරණ සන්නිවේදනයන් ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ඇත.
- මූලික දත්ත පද්ධතියේ විශ්ලේෂණ සඳහා නොමිලේ ප්‍රවේශය, උදා. යම් රටක සතියකට/මාසයකට දත්ත පද්ධතිය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව, බෝග පළිබෝධ පිළිබඳ සෙවීම්වල දළ විශ්ලේෂණ යනාදිය.
හවුල්කරුවන් විසින් ලබාදෙන වටිනා දායකත්වය වෙනුවෙන්, ඔවුහු පහත වරප්‍රසාද භුක්ති විඳිති:
- CABI ජෛවආරක්ෂණ (CABI BioProtection Portal) ද්වාරයට ඇතුළත් රටවල ලියාපදිංචි ජීව විද්‍යාත්මක පාලන නිෂ්පාදනවලට අදාළ අමතර නිෂ්පාදන තොරතුරු (උදා: දවටනය (ලේබලය), නිෂ්පාදන තාක්ෂණික කරුණු අඩංගු පත්‍රිකා, භාවිතය පිළිබඳ තොරතුරු, බෙදාහරින්නාගේ තොරතුරු, ආදිය) ප්‍රාදේශීය භාෂාවෙන් ද්වාරයෙහි ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව.
- හවුල්කරුවන්ගේ, අනුග්රාහකයන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ සාමාජිකත්වය පැහැදිලිව පිළිගැනීම. ඒ සඳහා ඔවුන්ගේ සමාගම් ලාංඡනයන්, සමාගම් වෙබ් අඩවියට සම්බන්ධිත සබැඳීන් සහ ද්වාරය ආශ්රිත අලෙවිකරණ සන්නිවේදනයන් වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කිරීම.
- ද්වාරයෙන් ජනනය කරන ලද වෙළඳපල විශ්ලේෂණ වාර්තා වෙත ස්තුති පූර්වක ප්‍රවේශය (උදා: තථ්‍ය කාලීන හෝ නිශ්චිත කාල සීමාවක් තුළ භාවිතා කරන්නන් ගේ සංඛ්‍යාව, බෝග-පළිබෝධ සෙවීම් පිළිබඳ දළ විශ්ලේෂණය, සමාගම් නිෂ්පාදන සමඟ පරිශීලක අන්තර්ක්‍රියා ආදිය. මෙම ප්‍රවේශය ආරම්භක කාලය (වසර 3) සඳහා වන අතර ආරම්භක කාල සීමාවෙන් පසු එළඹෙන පළමු වසර තුන සඳහා වාර්ෂික මිලදී ගැනීම 10% ක වට්ටමක් යටතේ ලබා ගත හැකිය.
- ආරම්භක කාල සීමාවෙන් පසු එළඹෙන පළමු වසර තුන සඳහා වාර්ෂික හවුල්කාර සාමාජිකත්වය 10% ක වට්ටමක් යටතේ ලබාගත හැකිය.
- සංවර්ධන සම්මේලනයේ ද්වි-වාර්ෂික රැස්වීම්වලදී එක් ආසනයක් හරහා හෝ CABI සමඟ ලිපි හුවමාරුව හරහා හෝ දත්ත පද්ධතියේ සංවර්ධනයට බලපෑම් කිරීම. මේ තුලින් දත්ත පද්ධතිය මගින් ආවරණය වන රටවල්වල අනුපිළිවෙල ට ප්‍රමුඛත්වය දීම, ව්‍යාපෘති ප්‍රතිඵල සහ සන්ධිස්ථාන සමාලෝචනය කිරීම මෙන්ම දත්ත පද්ධතියේ අනාගත සංවර්ධනය සඳහා අදාළ උපායමාර්ගික සහ තාක්ෂණික ගැටළු පිළිබඳ උපදෙස් සැපයීම සිදුකළ හැකිය.
CABI අද්විතීය ස්ථානයක සිටී. එය සාමාජික රටවල් 50 කින් පාලනය වනු ලබන අතර එහි පර්යේෂණ, ජාත්‍යන්තර සංවර්ධන සහ ප්‍රකාශන කටයුතු සඳහා අමතර හවුල්කරුවන්ගේ ජාල කිහිපයක් ලොව පුරා විසිරී පවතී. මෙම සබඳතා භාවිත කර CABI මගින් CABI ජෛව ආරක්ෂණ ද්වාරය (CABI BioProtection Portal) ගැන ලොව පුරා ප්‍රචාරය කරන අතර කෘෂිකාර්මික ප්‍රජාවන්, රජයන් සහ අනෙකුත් අදාළ ආයතන මගින් එය ලබාගැනීම දිරිමත් කරයි. ද්වාරයෙහි මහා පරිමාණ අලෙවිකරණය සඳහා බොහෝ සන්නිවේදන මාර්ග භාවිතා කරමින් සැදුම් ලත් ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ගයක් ද අප සතුව ඇත. ද්වාරයෙහි හවුල්කරුවන්වද ඔවුන්ගේ පාරිභෝගික පදනම තුල සහ බෙදාහරින්නන්ගේ ජාල අතර මෙම මෙවලම අලෙවි කිරීමට දිරිමත් කරනු ලැබේ. විවිධ රටවල් වල විවිධ පරිශීලක කණ්ඩායම් මගින් ද්වාරය ලබා ගැනීම සහ භාවිතය තක්සේරු කිරීමට මෙන්ම අපගේ අලෙවිකරණ උපාය මාර්ග ඇගයීමට සහ ප්රශස්ත කිරීමට පරිශීලක විශ්ලේෂණ මගින් අපට හැකියාව ලබා දෙයි.